හඩක් නැති කිසිවෙක් ලොව නැත.ඇත්තේ සිතාමතා නිහඬවීමයි.නැත්නම් කැමැත්තෙන්ම නෑසුනාක්ව සිටීමයි.
-අරුන්දතී රෝයී-
අද මේ ගෙවෙන කාලය වන විට මා ජීවිතයේ ගත කෙරූ වසර ගණන 22කි.එපමණ කලක් ජීවත් වෙමින් ලැබූ අපමණ අත්දැකීම් මත ඉහත වැකි කීපය සම්පූර්ණ සත්‍යක් බැව් අත්දැකීමු.ගෙවා දැමූ වසර 13ක පාසල් කාලයේ දී ඉගෙනීමට වඩා බරදුන් අනෙකුත් ක්‍රියාකාරකම් වලදී එවැනි සිතාමතා නිහඩවීම් බොහොමයක් තිබුණි.ඉනික්බිති විශ්වවිද්‍යාල ජීවිතයේ අදට වසර දෙකක් ගෙවා අවසන් කරමින් හිදිමි.සිතාමතා නිහඩවීම් කල යුතුම කාලය මෙය බැව් ඔබ විශ්වාස කරනවාද?එකිනෙකට නොදෙවෙනි ආත්මාර්ථකාමී සිතුවිලි,තරගකාරී ජීවන අරගලය, අනෙකා පරයා ගොඩනගාගන්නට වෙහෙසෙන 'සුදුසුකම්' ලැයිස්තුව, ප්‍රථම පංති සාමාර්ථයක් වෙනුවෙන් නිදි වරා නොකා නොබී වෙහෙසෙන සිසු මනැස්, 1990 බර ගණන්වල සිට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය, ආර්ථික අහේනිය හේතුවෙන් කල යුතු නොකල යුතු සියල්ල කරන අසරණ ජීවිත ආදී සියලු ප්‍රාණී, අප්‍රාණි දේවල් මත සිතාමතා නිහඬවීමට ඔබට නිසැකවම සිදුවනු ඇත.ඉදින් එවන් අවස්ථා ඉදිරියේ නොපැකිලිව නිහඩවීම මැනවි.නොඑසේනම් සමාජ සත්වයා ඔබ ගිලා හපකරනු ඇත.
Undergraduate of university of colombo, Sripalee Campus, Faculty of Mass Media
Wednesday, December 5, 2018
Subscribe to:
Post Comments (Atom)
ප්‍රේම උත්තමාර්ථය..
දලු ලා වැඩුණු ප්‍රේමණීය සිතුවිලි අතර, ගලා ගියේ ඔබෙත් මගෙත් සගවා සිටි හැගීම් ය.. නින්ද නොයන සීතල රාත්‍රියේ , ඔබ මගේ උනු මා ඔබේ උනු ඒ යාමය...
-
හඩක් නැති කිසිවෙක් ලොව නැත.ඇත්තේ සිතාමතා නිහඬවීමයි.නැත්නම් කැමැත්තෙන්ම නෑසුනාක්ව සිටීමයි. -අරුන්දතී රෝයී- අද මේ ගෙවෙන කාලය වන විට මා ජීවි...
-
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. . හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් ...
-
හන්තාන මුදුනේ සිහිලැල් සුසුම් වැව රවුමේ මල් පාවඩ දළදා මැදුරේ හීන් හඩ නොකාපු තැනක් නොමැති ටවුම මදක් සිසිල් කෙරූ සිටි සෙන්ටරය ආදරණීය නුවර අහස...

😊😊💪
ReplyDelete❤ ❤
Deleteනිහඬ වනවාද නිහඬ නොවෙනවාදැයි සිතාගත නොහැකි අපහසුතාවට පත් වන අවස්ථාද ඇත... බොහෝවිට හමුවන්නේ එවැනි අවස්ථාය.. මමද ඔබේ නිහැඬියාවේම සිටිමි..
ReplyDeleteජීවිතය නිහැඩියාවන්ගේ එකතුවකි..
DeleteWords 👌
ReplyDelete😘 ❤
Deleteමේක මරු..����
ReplyDelete❤ thnkuu
Delete♥️♥️♥️ sampurna eththa. Akka.
ReplyDeleteTnxx mallii
Deletegreat👍❤️
ReplyDeleteTnxxx mch
Deleteනිහඬ හඩක් වුනු අවසථාද බොහෝය
ReplyDeleteතවත් අවස්ථා එමටය...
Deleteනිහඬ හඩක් වුනු අවසථාද බොහෝය
ReplyDeleteලෝකයේ දරුණුතම ඛේදවාචකය නරක මිනිසුන්ගේ නරක ක්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාවයි.
ReplyDelete-මාටින් ලූතර් කිං-
හොඳ මිනිසුන්ගේ නිහැඬියාව අවසන් කළ අක්කේ නුඹට ජය!
ස්තූතියි...චිරං ජයතු !!!
Deleteරැල්ලට යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද අපි ☺️
ReplyDeleteඋඩුගම් බැලීමත් කෲර වූ කල්හි...
Deleteනිහැඩියාවෙන් මතු වූ දෝංකාරයේ ගැඹුර මිනිය හැක්කේ ඒ තුළින් මතුවන ප්‍රතික්‍රියාවෙනි....
ReplyDeleteනියමයි හිමා
Thnkuu era...
Delete