Wednesday, November 28, 2018

සෞම්‍ය ගීතයක් නොවූ ජීවිතය - la la land

ඔබත් මමත් අපේ ජීවිත කාලයෙන් හරි අඩක්ම ගතකරන්නේ සිහින හඹායමින් ජීවන ඉලක්ක හෑබෑ කරගන්නට.අමිහිරි අත්දැකීම් විදගනිමින් ඒ ඇතුලේම මිහිරි දේත් අත්විඳිමින් අපි දවසින් දවස සිහිනයට ලංවෙන්න පාර හදනව.ජීවිත සිහින දිනාගන්න ඇතැමුන් අතිශය වෙහෙස වෙද්දී එය අසාර්ථක වූ විටම දැඩි ලෙස පසුබාන උදවියත් මේ සමාජය තුළ සුලබයි.එවැනි සිහින හඹායන්නියකගේ ජීවිතාන්තය දෘශ්‍යමව නිරූපණය කෙරෙන සිනමා අර්ථකථනයක් ලෙස la la land හදුන්වා දිය හැක.
Damien chazelle ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ la la land චිත්‍රපටය 2017 වසරේ ඔස්කාර් සම්මාන ලබාගත් චිත්‍රපටයකි.මියා හා සෙබස්තියන් යනු එකිනෙකට වෙනස් සිහින හඹායන දෙදෙනෙක් වන අතර අහම්බකාරකයක් හේතුවෙන් ඔවුන්ගේ හමුවීම සිදුවේ.අසීමිත තිර පරීක්ෂණ ගණනාවකට ගොස් නිළියක් වීමට නොහැකිව ලතවෙන මියා කෝපිහලක සේවය කරන්නියකි.සෙබස්තියන්ගේ උවමනාව වන්නේ තමාගේම සමාජ ශාලාවක් විවෘත කරමින් එහි පිරිසිදු ජෑස් සංගීතය වාදනය වන්නට සැලැස්වීමයි.නමුත් මොවුන් දෙදෙනාටම තමන්ගේ උත්සාහයන් සාර්ථක කරගැනීමට හැකියාවක් නොලැබී යන්නේ සමාජයීය ප්‍රතිරෝධයන් නිසාය.තිර පරීක්ෂණ වලදී මූණ දිහාවත් නොලබන අධ්‍යක්ෂතුමාත් වගක් නොමැතිව සෙබස්තියන්ව එලවා දමන අවන්හල් හිමිකරුත් තුලින් රූපණය වන්නේ එයයි. පසුකාලීනව මියාගේ සිහිනය තුළ ජීවත්වෙමින් එය ගොඩනගන්නට උදව් වන්නේ සෙබස්තියන්ය.ජෑස් සංගීතයට අකමැති මියා පසුව සෙබස්තියන් නිසා ජෑස් සංගීතයට කැමති වීම තුළ ඇය සතු සෙබස්තියානූ ප්‍රේමය ප්‍රකාශයට පත් වේ.

 La land හි සුවිශේෂීත්වය නම් ප්‍රාථමික වර්ණයන් අවස්තානෝචිතව ගලපා ඇති අපූර්වත්වයයි.ප්‍රේමයේ නැගීමත් සමග දම් හා රතු වර්ණ මිශ්‍ර කිරීමත් විරහාත්මක තැන්හී ඇති අදුරු වර්ණ ගැන්වීමත් චිත්‍රපටයට අතිශය තාත්වික බවක් එක් කර ඇති බව කිව යුතුය.ආරම්භක රූප රාමුවේ ඇති ලොස් ඇන්ජලීස් නිල් අහස හරහා විසීරී යන ජීවිමය සිහින පිලිබඳ ඉගියක් ලබාදෙන අතර එහිලා වන පසුබිම් ගීතයේ එන Another day of sun ගීතය එහිලා ජීවත්වන ප්‍රාණීන්ගේ සාමාන්‍ය දින චරියාව අඩුවක් නොමැතිව පෙන්නුම් කරයි.වාහන තදබදයක් අවසානයේ වීදි උත්සවයක් බවට පත්කරමින් චිත්‍රපටය ආරම්භ වන අතර ප්‍රේක්ෂකයා ආයාසයකින් තොරව ඒ වෙත ආකර්ෂණය කරගැනීමට la la land සමත් වේ.
   ජීවිත අරමුණු ජයගැනීමට නම් තම ප්‍රේමවන්තයා වුවද අත් හරින්නට සිදුවන බව පෙන්වාදෙමින් වසර 5කට පසු මියා සුඛෝපභෝගී වාහනයකින් පැමිණ ව්‍යාජ ආලයකින් සැමියා සිපගනී.ප්‍රේමයක් නොමැති කාසිමය විවාහයකින් කෙලවර වන මියාගේ ජීවිතය අවසානයේ ඇය හීනය ජීවත් කරවන නමුදු ඇගේ ජීවිතය මන්දස්මිතයකි.සෙබස්තියන් ද ස්වයං සමාජ ශාලාවක් විවෘත කරන අතර පෙරකාලීන මියාගේ අදහසක් වන seb's නමින් එය නම් කරද ඇත.යහමින් හරිහම්බ කරන ඔහු තනියම උයා පිහාගෙන නිවසක ජීවත් වේ.අරමුණු දිනා ඇතිමුත් සිතෙහි සහනය දිනා නොගත් මෙවන් මිනිසුන් ලෝකයෙ වෙසෙන බැව් පෙන්වා දෙන දෘශ්‍යාංගයක් ලෙස එනයින් la la land විග්‍රහ කළ හැක.චිත්‍රපටයේම එන පහත ගීතමය කොටසින් එය සන්නිවේදනය වනු ඇත.
I think about that day i left him at grayhound station west of santa fe.we were 17,but he was sweet and it was true still,i knew what i had to do...
ඔහු හොදයි,එය තාමත් ඇත්ත..නමුත් මට කළ හැකි දෙය එයයි.මා කළ යුතුව තිබුණේ ද එයයි.
තරගකාරී ,එකෙකු අනෙකාව පහත හෙලන ලෝකයේ පහත නොහෙලී සිටින්නට නම් මා කළ යුත්තේ එය බැවින් එය මා කරම් යන සත්‍ය මියා la la land හරහා රූපගත කරන අතර නූතන ලෝකයේ අපට නොදැනී සිදුවන්නේ ද මෙයම බැව් ප්‍රෙක්ෂක අප වටහා ගත යුතු සත්‍යයි.

4 comments:

ප්‍රේම උත්තමාර්ථය..

දලු ලා වැඩුණු ප්‍රේමණීය සිතුවිලි අතර, ගලා ගියේ ඔබෙත් මගෙත් සගවා සිටි හැගීම් ය.. නින්ද නොයන සීතල රාත්‍රියේ , ඔබ මගේ උනු මා ඔබේ උනු ඒ යාමය...