Friday, December 14, 2018

ප්‍රේම උත්තමාර්ථය..

දලු ලා වැඩුණු ප්‍රේමණීය සිතුවිලි අතර,
ගලා ගියේ ඔබෙත් මගෙත්
සගවා සිටි හැගීම් ය..
නින්ද නොයන සීතල රාත්‍රියේ ,
ඔබ මගේ උනු මා ඔබේ උනු ඒ යාමයේ..
බලා ඉන්න ඇති ඈත කොහේ හෝ සිට
ඔබේ කුස නිවස කරගන්නට..
කල් යල් බලා අපතරට ආ කුමාරයා..
ඔබේ පපුතුරේ සුවසේ රජ වීලාය..
කුමාරයාට ඉඩදී මා..
සිපගනිමි ඔබේ දෙතොලත..
ගලා හැලෙන සතුටු කදුල පිසදාලමින්..

-හිමූ-

Wednesday, December 5, 2018

හඩක් නැති කිසිවෙක් ලොව නැත.ඇත්තේ සිතාමතා නිහඬවීමයි.නැත්නම් කැමැත්තෙන්ම නෑසුනාක්ව සිටීමයි.
-අරුන්දතී රෝයී-

අද මේ ගෙවෙන කාලය වන විට මා ජීවිතයේ ගත කෙරූ වසර ගණන 22කි.එපමණ කලක් ජීවත් වෙමින් ලැබූ අපමණ අත්දැකීම් මත ඉහත වැකි කීපය සම්පූර්ණ සත්‍යක් බැව් අත්දැකීමු.ගෙවා දැමූ වසර 13ක පාසල් කාලයේ දී ඉගෙනීමට වඩා බරදුන් අනෙකුත් ක්‍රියාකාරකම් වලදී එවැනි සිතාමතා නිහඩවීම් බොහොමයක් තිබුණි.ඉනික්බිති විශ්වවිද්‍යාල ජීවිතයේ අදට වසර දෙකක් ගෙවා අවසන් කරමින් හිදිමි.සිතාමතා නිහඩවීම් කල යුතුම කාලය මෙය බැව් ඔබ විශ්වාස කරනවාද?එකිනෙකට නොදෙවෙනි ආත්මාර්ථකාමී සිතුවිලි,තරගකාරී ජීවන අරගලය, අනෙකා පරයා ගොඩනගාගන්නට වෙහෙසෙන 'සුදුසුකම්' ලැයිස්තුව, ප්‍රථම පංති සාමාර්ථයක් වෙනුවෙන් නිදි වරා නොකා නොබී වෙහෙසෙන සිසු මනැස්, 1990 බර ගණන්වල සිට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය, ආර්ථික අහේනිය හේතුවෙන් කල යුතු නොකල යුතු සියල්ල කරන අසරණ ජීවිත ආදී සියලු ප්‍රාණී, අප්‍රාණි දේවල් මත සිතාමතා නිහඬවීමට ඔබට නිසැකවම සිදුවනු ඇත.ඉදින් එවන් අවස්ථා ඉදිරියේ නොපැකිලිව නිහඩවීම මැනවි.නොඑසේනම් සමාජ සත්වයා ඔබ ගිලා හපකරනු ඇත.

ප්‍රේම උත්තමාර්ථය..

දලු ලා වැඩුණු ප්‍රේමණීය සිතුවිලි අතර, ගලා ගියේ ඔබෙත් මගෙත් සගවා සිටි හැගීම් ය.. නින්ද නොයන සීතල රාත්‍රියේ , ඔබ මගේ උනු මා ඔබේ උනු ඒ යාමය...